Monday 27 March 2017

‘Pigeon-hole’ mail boxes, compulsory in housing complexes

"The Ministry of Post, Postal Services has decided to make it compulsory to install ‘pigeon-hole’ postal boxes in all housing complexes, concerning the inconveniences faced by postmen.
The proposal was made to Parliament recently and the permission had been granted, the subject Minister M.H.A. Haleem said.
Minister Haleem said the decision was accepted by the Finance Ministry and Urban Development Authority (UDA), Housing Development Authority and the relevant Local Government Institutions were instructed to support the decision.
“Due to the increasing number of houses, the postmen find it difficult in delivering mails as their delivery limit is expanding each day. Therefore, we have decided to encourage housing complex owner to build pigeon-hole post boxes,” he said.
Further, they said most of the houses had not paid attention to fix a letter box. And they have to wait until a resident to come and pick the mail.
However, Minister Haleem said that they will enact the decision without delay as now they have been granted the approval by Parliament. (Thilanka Kanakarathna)"





http://www.dailymirror.lk/article/-Pigeon-hole-mail-boxes-compulsory-in-housing-complexes-126207.html

Tuesday 21 March 2017

චීන්නු හොර බිල් දමා මෙරට මිනිස්සුන්ට කපටිකම් උගන්නනවා

"අධිවේගී මාර්ගයන්හි සේවය කරන ඇතැම් චීන ජාතිකයන් විසින් හොර බිල්පත් ඉදිරිපත් කරමින් මෙරට මිනිසුන්ට කපටිකම් උගන්වන්නේ යයි අගුණුකොලපැලැස්සේ පැවති ජනහමුවක් අමතමින් ඇමති මහින්ද අමරවීර පැවසීය.

‘අධිවේගී මාර්ගයේ වැඩට ඇවිත් ඉන්න සමහර චීන්නු තුට්ටු දෙකේ වැඩ කරන්නේ යයි දැනගන්න තිබෙනවා. වැඩි මිල ගණන් දාලා පස් ගන්නවා වෙලදසැල්වලින් වැඩි මිලට බිල්පත් ඉල්ලනවාලූ. මේ ගැන සොයන්න ඕන. චීන්නු අපේ මිනිස්සුන්ටක් කපටිකම් උගන්වනවා’  – අමරවීර"



www.lankacnews.com

විදුලි රැහැන් - ගොඩනැගිලි අතරට අවම පරතරයක් එයි

විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක‍්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගිතා කොමිසම කියයි.  
එමගින් ඉදිකිරීම් හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම සිරස් හා තිරස් පරතර අනිවාර්ය කර ඇති අතර, ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම නව රෙගුලාසිය අනුමත කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් පැවසුවේය.
විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසිය ක‍්‍රීයාවට නැගීම සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයද සහාය දක්වයි.
සම්පේ‍්‍රෂණ හෝ බෙදාහැරීම් රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතර විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසියෙහි 36 හා 37 වන නියෝග යටතේ දක්වා ඇත.
රැහැනේ වෝල්ටීයතාවය වොල්ට් 1000ට අඩු නම් එවැනි රැහැනක සිට ගොඩනැගිල්ලක් දකවා අවම පරතරය සිරස්ව මීටර 2.4ක් විය යුතු වේ. අවම තිරස් දුර මීටර 1.5කි. විදුලි රැහැනෙහි වෝල්ටීයතාවය වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයද වැඩි අගයක් ගනී. 

Tuesday 7 March 2017

සල්ලි නෑ.. අලූත් අධිවේගී මාර්ග ඉදිකිරීම නවතා දමයි..

"අධික ණය බර හේතුවෙන් අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව නතර කර දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රත්නපුර හා දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව නවතා දැමෙන නමුත් දැනට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ඉදිරියට කරගෙන යා රජයේ අදහසයි.

කෙසේ වෙතත් තමන්ගේ වියදමින් මෙම අධිවේගී මාර්ග ඉදිකිරීමට කිසියම් සමාගමක් එකග වන්නේ නම් එම මාර්ගවල ආදායම පසර 15ක් දක්වා එම සමාගම්වලට ලබා දීමේ එකගතාවය මත ඉදිකිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

විෂය භාර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාද මෙම තොරතුරු සනාථ කරමින් පවසන්නේ රටේ ණය බර ඉහල මට්ටමක ඇති බැවින් අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව අත්හිටවූ බවයි."





http://lankacnews.com/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%B1%E0%B7%91-%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93-%E0%B6%B8%E0%B7%8F/

Wednesday 1 March 2017

මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව අත්හිටුවයි - Mawbima.lk

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දැමූ බව වැඩ බලන ජේ‍යෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී. පී. විජේරත්න මහතා පෙරේදා (28දා) සඳහන් කළේය.

ඉකුත් 26දා කළුගඟ වාරි ව්‍යාපෘතියේ සේවයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු ගල් කන්දකට යට වීමෙන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

අනතුරින් හානි සිදුවූ පුද්ගලයන් දෙදෙනාගේ පවුල් සඳහා මේ වන විටත් සහන රැසක් ලබාදී ඇති බවද වැඩ බලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මියගිය පුද්ගලයන් දෙදෙනාගේ නිවාස ඉදිකිරීම් මෙන්ම අගතියට පත් බිරින්දෑවරුන් දෙදෙනාට ව්‍යාපෘතියේ සේවය කිරීම සඳහා රැකියා අවස්ථා ලබාදීම සඳහාද මේ වන විට සැලසුම් කර ඇති බව අප කළ විමසීමේදී අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය."



http://www.mawbima.lk/print20170101MB20170331.php?id=9636