Wednesday, 17 May 2017

වැල්ලවත්තේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් අද උදෑසන 10.35 ට පමණ කඩා වැටී තිබෙනවා.
මේ වන විට තුවාලකරුවන් 21 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මේ වනවිට එම ප්‍රදේශයට වර්ෂාවද ඇද හැලෙමින් පවතින අතර 
දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇත.

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසළ චාර්ලිමන්ත් පාරේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ 15 ක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යවා ඇත.
කඩා වැටුණු ගොඩනැගිල්ල උත්සව ශාලාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් බව වාර්තා වන අතර අද දින එහි උත්සවයක් නොපැවති නිසා අනතුරට පත්වූ පිරිස අඩුවන්නට ඇති බව සැක කරයි.
 මහල් 5 කින් යුත් එම ගොඩනැගිල්ල පසුගිය දිනවල අලුත් වැඩියා කරමින් පැවති බවද පැවසේ.
කළුබෝවිල රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, තුවාල ලැබූවන් එම වැඩ බිමේ සේවකයින් බවයි.
මේ අතර කොළඹ ගිනිනිවීම් ඒකකය සඳහන් කළේ, ගිලන් රථ 2ක් ඇතුළු ආපදා රථ 6 ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි.
අද උදෑසන 10.35 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර
කඩාවැටුණ ගොඩනැගිල්ලේ එක් කොටසක් තවත් ගොඩනැගිල්ලක ඇලවී පවතින නිසා තවදුරටත් ඒ අවට අනතුරුදායි තත්වයක් පවතින බවත් සිද්ධිය නරඹන්නට නොපැමිණෙන ලෙස බලධාරීන් දන්වා ඇත.




Source: http://www.gossiplankanews.com/2017/05/wellawatte-building-collapse.html

Sunday, 30 April 2017

ඉන්දීය ඉදිකිරීම් ශ්‍රමිකයකුට රුපියල් 60,000 ක වේතනයක්

ශ්‍රී ලංකාවේ  රැකියාවේ නිරත වීම සඳහා විදේශිකයන් වෙනුවෙන් වැඩ බලපත්‍ර විශාල වශයෙන් ආයෝජන මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ. රැකියා වීසා මත පැමිණි 8,000කට ආසන්න පිරිසක් පසුගිය වසරේදී ඉල්ලුම්පත්‍ර යොමු කර ඇතැයි ද සංචාරක වීසා මත පැමිණි සැලකිය යුතු පිරිසක් ද එලෙස අයඳුම්පත්‍ර යොමු කර ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. පසුගිය වසරේදී ඒ ආකාරයෙන් ඉදිරිපත් වූ වීසා 5,786කට ආයෝජන මණ්ඩලය අනුමැතිය දී ඇත. 
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් තමිල්නාඩු ශ්‍රමිකයන් 250 කට ආසන්න පිරිසක් සේවය කරන වැඩබිමකට ගොස් කරන ලද අධ්‍යයනයක තොරතුරු මෙසේය. රැකියා කොන්දේසි මත එම තමිල්නාඩු ශ්‍රමිකයන් සේවයේ යෙදෙන අතර ඊට දිනකට පැය 12ක වැඩමුරයක් ද ඇතුළත් වේ. 
“අපි උදේ 7.30 ඉඳන් හවස 7.30 වෙනතෙක් සේවය කරනවා. අපට නැවතී සිටින තැන්වලට යන්න ප්‍රවාහන පහසුකම් ලැබෙනවා” යැයි එක් ඉන්දීය ශ්‍රමිකයෙක් පැවැසීය. 
ඉන්දීය ශ්‍රමිකයකුට නවාතැන් පහසුකම් ද සහිතව රුපියල් 60,000කට (ඉන්දීය රුපියල් 25,253ක්) මුදලක වැටුපක් ගෙවන අතර ආහාර පාන ඔවුන් සපයාගත යුතුව ඇත. මෙම ඉන්දීය සේවකයන් පිරිස ඉරිදා දිනයද ඇතුළුව සතියේ දින හතේම සේවය කරන අතර කිසිදු නිවාඩුවක් නොලැබේ. 
“අපේ වැඩ අවසන් වෙලා අපේ කෑම අපිම හොයාගන්න ඕනේ. අපි අපේ කෑම ටික උයාගන්නවා. එහෙම නොවුණත් අපි හම්බ කරන සල්ලි ඔක්කොම කෑමවලට වියදම් වෙනවා. ලංකාවේ කෑම හරි ගණන්” යැයි තවත් ශ්‍රමිකයෙක් කීය. 
ඉන්දීයාවේදී ඉදිකිරීම් සමාගම් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ලංකාවේ ඉදිකිරීම් සංගම් ගෙවන බව සඳහන් කළ එම තමිල්නාඩු ශ්‍රමික පිරිස එම මුදල සොයාගැනීම තම මුළු ජීවිතයම කැප කිරීමට සිදුව ඇතැයි පැවැසූහ. තමන්ට කිසිදු විවේක කාලයක් හෝ විනෝද කාලයක් නැතැයි ද ඔවුහු කීහ. 
මේ දිනවල තිබෙන දැඩි රස්නය මෙන්ම ඉන්දීය සේවකයන් මුහුණ දෙන ප්‍රශ්නවලට තමන්ට ද මුහුණ දීමට සිදුවන බවත් ගාලුමුවදොර සහ ආර්.ඒ. ද මැල් මාවතේ වැඩිබිම්වල සේවය කරන චීන ඉදිකිරීම් ශ්‍රමිකයෝ පිරිසක් පැවැසූහ. 
“ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්. එහෙත් ඉදිකිරීම් සේවකයන්ට ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතා රස්නෙයි. අපි උදේ 8.30 ඉඳන් හවස 6.30 වෙනකන් වැඩ කරනවා. ඒ වගේම අපි ශ්‍රී ලාංකිකයන් සමඟ වැඩ කිරීමේදී සන්නිවේදන අර්බුදවලටත් මුහුණ දෙනවා. අපිට නිදහසක් නැහැ. විනෝද වෙන්න වෙලාවක් නැහැ. හැමතිස්සෙම වැඩ කරනවා. ” යැයි හූ යන්ග් ලෙස තමා හඳුන්වා දුන් චීන ඉදිකිරීම් ශ්‍රමිකයෙක් පැවැසීය.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි - 055

Source:http://www.lankadeepa.lk

Sunday, 23 April 2017

ලෝක ඉතිහාසයේ දැවැන්තම ඉදිකිරීමේ ප්‍රධාන උපදේශකයා ලංකාවේ චන්දන ජයලත්.

ලොව උසම ඉදිකිරීම් පිළිබඳ පුවත් ඔබ අප කොතෙකුත් අසා ඇත. එහෙත්...ඒ අතරින් කිලෝමීටරයක පමණ උසකින් යුත් දැවැන්ත ඉදිකිරීමක්‌ පිළිබඳ පුවතක්‌ මෙතෙක්‌ ඔබ අසා ඇතිද? ඇතැම් විට අසා නොතිබෙන්නට පුළුවන. මේ වන විටත් එතෙක්‌ මෙතෙක්‌ ලොව වැඩිම උසකින් යුත් විශාලතම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවෙමින් පවතින අතර එය ඉදිවෙමින් පවතින්නේ අසර්බයිජානයේ "බකූ" අගනගරය තුළය. තරු පන්තියේ හෝටල් සංකීර්ණ, සාප්පු සංකීර්ණ, සිනමාශාලා, සමාජශාලා, ගෘහස්‌ත ක්‍රීඩා සංකීර්ණ ඇතුළු තවත් විවිධ පහසුකම් රාශියකින් මෙම දැවැන්ත ඉදිකිරීම සමන්විතය. ඉදිවෙමින් පවතින මෙම ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වෙන්කොට ඇති භූමි ප්‍රදේශය පමණක්‌ අක්‌කර හයසියයකින් සමන්විත වන අතර එම භූමිය නිර්මාණය කර ඇත්තේ මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්‌ ලෙසින්ය.

එක්‌ අන්තයකින් මහා සාගරයෙන් ද, ගොඩබිමෙන් ඉරානය, ජෝර්ජියාව සහ රුසියාවට මායිම් වන්නට පිහිටා ඇති අසර්බයිජානයේ "බකූ" අගනගරයේ නිමවෙමින් පවතින (Crescent Tower) හි ඇති සුවිශේෂී බව පිළිබඳ තබන මේ සටහන් පෙළ තුළ අපට ඇති සුවිශේෂී බව වන්නේ ශ්‍රී ලාංකිකයකුගේ විශේෂඥ දැනුම එම යෝධ ඉදිකිරීමට මුහුවී තිබීමය.

ඔහු නමින් ආචාර්ය චන්දන ජයලත්ය. වරලත් ප්‍රමාණ සමීක්‌ෂකයකු, ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමෝපායන් පිළිබඳ ලොවම පිළිගත් විශේෂඥවරයකු වන හේ මේ වන විට ඉහත සඳහන් ලොව උසම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ කොන්ත්‍රාත් උපදේශකවරයෙක්‌ය.

කෙටි නිවාඩුවක්‌ පිණිස පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය චන්දන ජයලත් මහතා මුණගැසීමේ අවස්‌ථාවක්‌ අපට හිමිවූ අතර එහිදී ඔහු මෙතෙක්‌ පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි පිළිසඳරක යෙදීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඉදිකිරීම් ක්‌ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර දැනුමකින් හෙබි ආචාර්ය චන්දන ජයලත් මීරිගම කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් ගමන ආරම්භ කර ඉන් අනතුරුව ගම්පහ බණ්‌ඩාරනායක විදුහලෙන් උසස්‌ පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (ප්‍රමාණ සමීක්‌ෂණය) උපාධිය ලබාගත් අතර ඔහු ආචාර්ය උපාධිය (තාක්‌ෂණ කළමනාකරණය) හිමිකරගෙන ඇත්තේ දකුණු දිග කැලිෆොනියා විශ්වවිද්‍යාලයෙන්ය.

තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආකාරයත් පියවරෙන් පියවර තම ගමන් මඟ ජයගනිමින් අසර්බයිජානයේ ඉදිවන ලොව උසම ගොඩනැඟිල්ල සඳහා තමන් සතු දැනුම ප්‍රදානය කරන්නට හැකිවූ ආකාරයත් පිළිබඳ අදහස්‌ දැක්‌වීම ආරම්භ කළ ආචාර්ය චන්දන ජයලත් ගොඩනැඟිල්ලක්‌ ඉහළට එසවෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය ඉහළ තලයකට ගමන් කළ ආකාරය ගැන සඳහන් කරමින් කරුණු පවසන්නට විය.

"මම මුලින්ම ඉදිකිරීම් ක්‌ෂේත්‍රය හරහා මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ දඹුල්ල, කන්ඩලම හෝටල් ව්‍යාපෘතිය තුළින්. එතනදී මම ලබපු සුවිශේෂී අත්දැකීම තමයි මෙරට අති විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා මහත්තය සමඟ රාජකාරි කිරීම. ඇත්තටම ඒක මම ලබපු සුවිශේෂී අත්දැකීමක්‌. ඊට අමතරව තවත් සඳහන් කළ යුතුම කාරණාවක්‌ තමයි කලක්‌ මම යුද හමුදා නිලධාරියෙක්‌ විදිහට කටයුතු කිරීම. එතනදී ජයසිකුරු, ජයමඟ, පෙරියමඩු මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබෙනවා. කපිතාන්වරයෙක්‌ ලෙස යුද හමුදා ස්‌වේච්ඡා බළකායට බැඳෙන මම වසර අටක්‌ යුද හමුදාවේ සේවය කරල "රිවි රැස" "පූර්ණ භූමි" පදක්‌කම් පළඳල ඊට පස්‌සෙ තමයි පළමු වතාවට විදෙස්‌ගත වෙන්නේ..."

"මම මුලින්ම යන්නේ ඩුබායි රාජ්‍යයට. ඒ ගිහින් එරට ගුවන්තොටුපළ ව්‍යාපෘතියකට අනුයුක්‌තව රාජකාරිය අරඹනවා. ගාඩ්නර් සහ තියොබෝල්ට්‌ කියන සමාගම යටතේ තමයි මට රාජකාරි කරන්න සිද්ධ වෙන්නේ. එතනින් මම ඕමානයේ 'මස්‌කට්‌' නගරයට යනවා. මම විශ්වාස කරන විදිහට මගේ ජීවිතයේ ස්‌වර්ණමය යුගය ආරම්භ වෙන්නේ මස්‌කට්‌ වලින්. එතනදී ලෝකයේ හතරවැනි විශාලම මුස්‌ලිම් පල්ලිය ඉදිකිරීමේ ව්‍යාපෘතියට මම සම්බන්ධ වෙනවා. එතනදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක්‌ තමයි ෂේක්‌ හමුඩ් සුල්තාන් අල් හුස්‌නි කියන පුද්ගලයව හඳුනාගැනීම. ඔහු එරට රාජකීය පවුලක සාමාජිකයෙක්‌. ඒ වගේම ධන කුවේරයෙක්‌. එයට අමතරව ඔහු මස්‌කට්‌ අගනගරයේ නගරසභාවේ අධ්‍යක්‌ෂවරයා. ඔහු මගේ හැකියාවන් හඳුනාගත් පුද්ගලයෙක්‌. ඒ රටේ තිබෙන විශේෂත්වයක්‌ තමයි පුද්ගල හැකියාවන්ට නියම වටිනාකම ලබාදීම. හරියට වැඩකරන්න පුළුවන් දක්‌ෂ පුද්ගලයන්ව හඳුනාගෙන ඒ අයට හිමිවිය යුතු වටිනාකම සුදුසු ස්‌ථානය ලබාදීල ඒ රටට සේවයක්‌ ගැනීම තමයි ඒ අයගේ මූලික අභිප්‍රාය වෙන්නේ. ඇත්තම ප්‍රකාශ කරනවා නම් ඕනම රටක යම් හැකියාවක්‌ සහිත මානව සම්පතක්‌ පවතිනවා නම් ඒවා හඳුනාගෙන ඒ අයගෙන් රටට යම් සේවයක්‌ ලබාගැනීම රාජ්‍යයක්‌ සතු වගකීමක්‌. ලෝකයේ බොහෝ රටවල් දියුණුව කරා ගියේ ඒ මාර්ගයෙන්. ඕමානය කියන්නෙත් එහෙම රටක්‌. යම් කෙනකුගේ කුමන හෝ විශේෂඥතාවක්‌ පවතිනවා නම් එයාට අවශ්‍ය වැටුප දීල සුදුසු පරිසරයක්‌ නිර්මාණකර දීල ඒ ඒ පුද්ගලයාව සුදුසු ස්‌ථානවල තබනවා. ඒ හරහා රටට අවශ්‍ය දේ ලබාගන්නවා.

සුල්තාන් අල් හුස්‌නි මට පුද්ගලිකව ආරාධනා කරනව මස්‌කට්‌ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්‌ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. මම ඒ ආරාධනාව සතුටින් භාර අරගෙන වසර හයක්‌ එතැන සේවය කරනවා. එහිදී රාජකීය පවුල්වල විශාල පිරිසක්‌ ඊට අමතරව විවිධ වෘත්තිකයන් ඔය ආදී සමුහයක්‌ එක්‌ක සම්බන්ධව මම රාජකාරී කරනවා. ඒ අතරතුර අවස්‌ථා කීපයකදී ලෝකයේ ඉතාමත් පිරිසිදුම නගරය ලෙස "මස්‌කට්‌" නගරය ඇගයීමට පවා ලක්‌වෙනවා.

"මස්‌කට්‌" නගරයේ වසර හයක්‌ රාජකාරී සිදුකරන ආචාර්ය චන්දන ජයලත් ඉන් අනතුරුව වසරක කාලයක්‌ එංගලන්තයේ ජීවත් වන්නේය. නැවත කටාර් රාජ්‍යය වෙත පැමිණෙන ආචාර්ය චන්දන ජයලත් එහිදී රජයේ වැඩ අධිකාරියේ සේවයේ නිරත වන අතර එහිදී ඔහුගේ විශේෂඥ දැනුම යොදාගනු ලබන්නේ එරට ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ සිදුවන ගැටලු නිරාකරණය කරගැනීම පිණිසය. ඒ පිළිබඳ ප්‍රාමාණිකයකු වන ආචාර්ය චන්දන ජයලත් හට ලොව උසම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ විශේෂඥවරයකු ලෙස සේවය කිරීමට ඇරයුම් ලැබෙන්නේ ඉන් අනතුරුවය.

"ඔය අතරේ තමයි මට අසර්බයිජානයේ මේ වන විටත් ඉදිකරමින් පවතින ලෝකයේ උසම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් විශේෂඥවරයෙක්‌ ලෙස රාජකාරි කරන්න ඇරයුම ලැබෙන්නේ. මම හිතන්නේ ඒක අහඹු සිදුවීමක්‌ කියල. මොකද මගේ එහෙම අදහසක්‌ නොතිබූ වේලාවක තමයි මට මේ ඇරයුම ලැබෙන්නේ. ඒක මම ජාත්‍යන්තරයත් එක්‌ක තිබුණ සම්බන්ධතා හේතුවෙන් ලැබුණ ආරාධනාවක්‌ වෙන්න පුළුවන්. මොකද ගල්ෆ් කලාපයේ තිබෙන රටවල් හත සමඟ ඒ රටවල වෘත්තීය ප්‍රජාව සමඟ මගේ සමීප ඇසුරක්‌ පැවතීම ඒකට තවත් හේතුවක්‌ වෙන්න ඇති.

ඉතිං අපි මේ ඉදිකිරීම ගැන කතා කළොත් මම මේ ව්‍යාපෘතිය හා සම්බන්ධවෙලා මේ වෙද්දී වසර 3 ක්‌ වෙනවා. දැනට මෙම ගොඩනැඟිල්ලේ යෝජිත උස ප්‍රමාණය කිලෝමීටරයක්‌, නමුත් ඒ රටේ භූ දේශපාලනයේ වෙනස්‌කම් එක්‌ක ඇතැම් විට එහි වෙනසක්‌ සිදුවිය හැකියි. අනෙක්‌ විශේෂ කරුණ තමයි මේක අසර්බයිජානයේ පුද්ගලික ආයෝජකයන්ගේ මුදලින් කරන ව්‍යාපෘතියක්‌ වීම. මම දන්න විදිහට මේ සඳහා වැඩිම මුදලක්‌ ආයෝජනය කරල තියෙන්නේ ලෝකයේ 16 වැනි පොහොසතා. මේ ඉදිකිරීම සඳහා වන මුළු භූමි ප්‍රමාණය නිර්මාණය කරල තියෙන්නෙ කැස්‌පියන් මුහුද ගොඩකිරීමෙන්.

ඉදිකිරීම් පැත්තෙන් ගත්තොත් මේ ව්‍යාපෘතියේ වැඩි බරක්‌ උසුලන්නේ ඇමෙරිකාව විසින්. ඊට අමතරව තවත් සමාගම් සමූහයක්‌ මේ කටයුත්ත සඳහා ඔවුන්ගේ දායකත්වය සපයනව. ඒ අතරින් මෙම ඉදිකිරීම සඳහා මානව සම්පත බහුල ලෙස අරගෙන තිබෙන්නේ තුර්කි රාජ්‍යයෙන්. ඒකට විශේෂතම හේතුව තමයි තුර්කි ජාතිකයන් තුළ පවතින වැඩකිරීමේ හැකියාව. විශේෂයෙන් අසර්බයිජානය කියන්නේ ශීත දේශගුණයක්‌ සහිත රටක්‌ වීමත් එවැනි දේශගුණික තත්ත්වයක තුර්කි ජාතිකයන්ට වැඩෙහි යෙදීමේ ඇති හැකියාවත් ඒ සඳහා බලපෑ තවත් කාරණයක්‌ ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම තුන්දහසකට අධික ශ්‍රමිකයන් පිරිසක්‌ මේ ස්‌ථානයේ රාජකාරි කරනවා....

අනෙක්‌ පැත්තෙන් ගත්තොත් නවීන තාක්‌ෂණය උපරිම ලෙස යොදාගැනීමක්‌ මෙහි දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකන් තාක්‌ෂණය එහිදී කැපීපෙනෙන මෙහෙවරක යෙදෙනව කිව්වොත් නිවැරැදියි. මොකද අද ලෝකයේ නව ප්‍රවණතාවක්‌ වන "පේපර්ලස්‌" ක්‍රමයට තමයි වැඩබිමේ සියලු දේම සිද්ධ වෙන්නේ. යමක්‌ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ලිපිගොනු එහා මෙහා ගෙනයැම නිලධාරීන්ගේ දෙපාමුලට ඒව රැගෙන යැම ආදී පැරැණි ක්‍රම වෙනුවට එතැන භාවිත කරන්නේ නවීන ක්‍රමෝපායන් එතනදී යමක්‌ පිළිබඳ තීන්දුවක්‌ ගන්නවා නම් එවෙලෙම ගන්න පුළුවන් ක්‍රමයක්‌ ක්‍රියාත්මක වෙනවා.."

අදාළ ඉදිකිරීමෙන් මදකට බැහැරවෙලා අසර්බයිජානය කියන රට ගැන කතා කළොත් "බකූ" කියන්නේ මුළුමනින්ම සංස්‌කෘතික නගරයක්‌. ආවර්තිතා වගුව ඒ රටේ නිර්මාණයක්‌. ලෝක පූජිත ලේඛක පුෂ්කින් තමන්ගෙ ජීවිතයෙන් වැඩි කලක්‌ ගත කරල තියෙන්නෙ අසර්බයිජානයේ.

ආචාර්ය චන්දන ජයලත් විසින් එතෙක්‌ කරගෙන ආ කථාබහ නතර කිරීමට පෙර අවසන් වරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිsටියේ ලොව දැවැන්තම ඉදිකිරීම සිදුවන "බකු" නගරය සංස්‌කෘතික නගරයක්‌ සේම ලොව විනීතම මිනිසුන් ජීවත්වන ප්‍රදේශයක්‌ බව තමන් අත්දැකීමෙන්ම වටහාගත් දෙයක්‌ බවත් ආර්ථික සමාජීය සංස්‌කෘතික අතින් අසර්බයි ජානය ඉහළ තලයකට පිවිසීමට එයද එක්‌ හේතුවක්‌ වී ඇති බවත්ය.
රුවන් ජයවර්ධන

Source: http://www.divaina.com/2017/04/23/feature07.html

Thursday, 6 April 2017

96 ජයග්‍රහණයේ 25 වැනි සැමරුමට දැවැන්ත ගොඩනැඟිල්ලක්

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය.
ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. 
ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.
මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.   
එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි. වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ 500 කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. මම හිතනවා ලක්‍ෂ 500 ක් ලැබෙයි. ඊට වඩා වැඩි මුදලක් අපි බලාපොරොත්තු වෙනවා”
“1996 ට පෙර ක්‍රීඩකයන් නොසිටියේ නම් අපිට 96 වසරේ ලෝක කුසලානය දිනන්න බෑ. ලෝක කුසලානයක් අපිට හීනයක් පමණක් වෙනවා. හිටපු ඇතැම් ක්‍රීඩකයන් ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටිනවා. ඒ නිසා අපි මීට වසර හතරකට පමණ පෙර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කරලා එකඟ වුණා”

http://www.lankadeepa.lk

Wednesday, 5 April 2017

සබරගමුවේ අලුතින් ඉදිකෙරෙන රජයේ ගොඩනැගිලිවලින් වැහි පීලි ඉවතට


රත්නපුර දිස්ත‍්‍රික්කය පුරා පැතිර යන ඩෙංගු රෝගය වැළැක්වීමට සබරගමු පළාතේ අලූතින් ඉදිකෙරෙන සියලූම රජයේ ගොඩනැගිලිවලට වැහි පීලී භාවිතා නොකිරීමට සබරගමු පළාත් සභාව තීරණය කරයි.
රත්නපුර දිස්ත‍්‍රික්කය ඩෙංගු අවදානම් දිස්ත‍්‍රික්කයක් ලෙස නම් කර ඇති නිසා ඉදිරියේදී පුද්ගලික සහ ආගමික ස්ථාන ආශ‍්‍රිත ඉදිකිරීම් වලද වැහිපීලී භාවිතා නොකිරීමට පියවර ගත යුතු බව ද මෙහිදී තීරණය විය.
පසුගිය තුන් මාසයට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ඩෙගු රෝගින් 917ක් වාර්තා වී ඇති අතර එය ගෙවුණු වසර වලට වඩා වැඩි බවද සෞඛ්‍ය බලධාරීහූ මේ සාකච්ඡාවේදි පෙන්වා දුන්හ.

http://www.lankadeepa.lk

Sunday, 2 April 2017

රාජ්‍ය ආයතන සඳහා හරිත ගොඩනැඟිලි පමණයි

රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි මිලදී ගැනීමේ දී හෝ කුලියට ගැනීමේ දී හරිත ගොඩනැගිලි පමණක් ලබා ගැනීමට රජය ඉදිරියේ දි කටයුතු කරනු ඇතැයි මොරටුව  විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ක්‍රිෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා ගොඩනැගිලිවලට හරිත අගයක් ලබා දෙන බවත් 0 සිට 5 වූ එම අගයන්ගෙන් 5 සිට 2.5 දක්වා වූ අගයක් ලබා ඇති ගොඩනැගිලි පමණක් රාජ්‍ය ආයතන සඳහා ලබා ගනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගොඩනැගිලි ඉදිකිරීමේ දී යොදාගන්නා ස්වභාවික සම්පත් භාවිතය හේතුවෙන් විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බවත් මේ  නිසා තිරසාර සංවර්ධනයට බාධා ඇති වි ඇති බවත් කී මහාචාර්යවරයා රජය මේ තීන්දුව ගන්නේ මෙම හේතුවනිසා යැයි ද පැවැසීය.  ඒ අනුව පරිසරයට අවම හානි සිදුවන ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගෙන ඉදි කර ඇති ගොඩනැගිලි පමණක් ලබා ගැනීමේ නීති ඉදිරියේ දී සකස්වනු ඇතැයි ද රණසිංහ මහතා කීය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි හෙට දක්වා පැවැත්වෙන තිරසර ලංකා ප්‍රදර්ශනය පිළිබඳව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

http://www.lankadeepa.lk

Monday, 27 March 2017

‘Pigeon-hole’ mail boxes, compulsory in housing complexes

"The Ministry of Post, Postal Services has decided to make it compulsory to install ‘pigeon-hole’ postal boxes in all housing complexes, concerning the inconveniences faced by postmen.
The proposal was made to Parliament recently and the permission had been granted, the subject Minister M.H.A. Haleem said.
Minister Haleem said the decision was accepted by the Finance Ministry and Urban Development Authority (UDA), Housing Development Authority and the relevant Local Government Institutions were instructed to support the decision.
“Due to the increasing number of houses, the postmen find it difficult in delivering mails as their delivery limit is expanding each day. Therefore, we have decided to encourage housing complex owner to build pigeon-hole post boxes,” he said.
Further, they said most of the houses had not paid attention to fix a letter box. And they have to wait until a resident to come and pick the mail.
However, Minister Haleem said that they will enact the decision without delay as now they have been granted the approval by Parliament. (Thilanka Kanakarathna)"





http://www.dailymirror.lk/article/-Pigeon-hole-mail-boxes-compulsory-in-housing-complexes-126207.html