Tuesday, 30 August 2016

ලබන ජනවාරියේ සිට මහනුවර රත්නපුර හා යාපනය අධිවේගී මාර්ග වැඩ අරඹන හැටි

2017 වසරේ ජනවාරි මාසයේ නව අධිවේගී මාර්ග 03 ක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඒ අනුව කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය (2 අදියර) , කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය හා කුරුණෑගල - දඹුල්ල" ත‍්‍රිකුණාමලය- යාපනය දක්වා දිවෙන අධිවේගී මාර්ග වල ඉදි කිරීම් අරඹන්නට නියමිතය


කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ( 2 අදියර ) යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.7 ක දුර මාර්ගය ඉදි කෙරෙන බවත් ඊට අඹේපුස්ස දක්වා දිවෙන කි.මි 9.7 ක පිවිසුම් මාර්ගයක්ද ඇතුලත් බවත් පැවසේ.


කි.මි 51.5 ක දුරින් යුතු යෝජිත නව කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවෙන් ආරම්භ වී රත්නපුරය දක්වා ඉදි කරන්නට නියමිතය.


මෙම අධිවේගී මාර්ගය සඳහා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වන්නේ කහතුඩුව , හොරණ , ඉංගිරිය , කිරිඇල්ල , කුරුවිට සහ රත්නපුරය යන 6 යි. එහි ඉදි කිරීම් කොටස් තුනක් යටතේ මාස 41 කින් නිම කිරීමට සැලැසුම් කර ඇත. 

කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියර, නැගෙනහිර පලාත සහ උතුරු පලාත සම්බන්ධ කරමින් ත‍්‍රිකුණාමලය හා යාපනය දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ග කොටස කි.මී.60.15ක දුරකින් යුක්ත වන අතර ඊට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත්වේ. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ 9 මාර්ගය සහ දඹුල්ල ඒ 6 මාර්ගය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිවනු ඇත.




Source: http://www.gossiplankanews.com/2016/08/three-express-ways-to-construct.html#more

Monday, 8 August 2016

‘කුලසිංහ වළේ ඇඹරෙනවාලු‘

"රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හැදූ කුලසිංහ ඉංජිනේරුවරයා දැන් වළේ ඇඹරෙනවා ඇතිලු. සංස්ථාව බංකොලොත් වීම ඊට හේතුවයි.
පසුගිය දස වසරේ දී රජයේ ආයතන වලින් ගෙවිය යුතු මුදලුත් ගෙවා නැතිලු. ඒ හෙයින් සේවක පඩි නඩි ගෙවන්නත් බැරිවෙලාලු.
භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 75ක ණයක් හෝ බැංකුවකින් ණය ගැනීමේ භාණ්ඩාගාර සහතිකයක් දුන්නාලු. රජය ඒ ඉල්ලීම අනුමත කර දුන්නාලු.
 "



http://www.lankadeepa.lk/index.php/articles/442549