"අධිවේගී මාර්ගයන්හි සේවය කරන ඇතැම් චීන ජාතිකයන් විසින් හොර බිල්පත් ඉදිරිපත් කරමින් මෙරට මිනිසුන්ට කපටිකම් උගන්වන්නේ යයි අගුණුකොලපැලැස්සේ පැවති ජනහමුවක් අමතමින් ඇමති මහින්ද අමරවීර පැවසීය.
‘අධිවේගී මාර්ගයේ වැඩට ඇවිත් ඉන්න සමහර චීන්නු තුට්ටු දෙකේ වැඩ කරන්නේ යයි දැනගන්න තිබෙනවා. වැඩි මිල ගණන් දාලා පස් ගන්නවා වෙලදසැල්වලින් වැඩි මිලට බිල්පත් ඉල්ලනවාලූ. මේ ගැන සොයන්න ඕන. චීන්නු අපේ මිනිස්සුන්ටක් කපටිකම් උගන්වනවා’ – අමරවීර"
www.lankacnews.com
This provides news related to Sri Lanka Construction Industry including related News Paper and Web Site articles.
Tuesday, 21 March 2017
විදුලි රැහැන් - ගොඩනැගිලි අතරට අවම පරතරයක් එයි
විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක‍්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගිතා කොමිසම කියයි.
එමගින් ඉදිකිරීම් හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම සිරස් හා තිරස් පරතර අනිවාර්ය කර ඇති අතර, ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම නව රෙගුලාසිය අනුමත කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් පැවසුවේය.
විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසිය ක‍්‍රීයාවට නැගීම සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයද සහාය දක්වයි.
සම්පේ‍්‍රෂණ හෝ බෙදාහැරීම් රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතර විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසියෙහි 36 හා 37 වන නියෝග යටතේ දක්වා ඇත.
රැහැනේ වෝල්ටීයතාවය වොල්ට් 1000ට අඩු නම් එවැනි රැහැනක සිට ගොඩනැගිල්ලක් දකවා අවම පරතරය සිරස්ව මීටර 2.4ක් විය යුතු වේ. අවම තිරස් දුර මීටර 1.5කි. විදුලි රැහැනෙහි වෝල්ටීයතාවය වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයද වැඩි අගයක් ගනී.
Tuesday, 7 March 2017
සල්ලි නෑ.. අලූත් අධිවේගී මාර්ග ඉදිකිරීම නවතා දමයි..
"අධික ණය බර හේතුවෙන් අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව නතර කර දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව රත්නපුර හා දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව නවතා දැමෙන නමුත් දැනට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ඉදිරියට කරගෙන යා රජයේ අදහසයි.
කෙසේ වෙතත් තමන්ගේ වියදමින් මෙම අධිවේගී මාර්ග ඉදිකිරීමට කිසියම් සමාගමක් එකග වන්නේ නම් එම මාර්ගවල ආදායම පසර 15ක් දක්වා එම සමාගම්වලට ලබා දීමේ එකගතාවය මත ඉදිකිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.
විෂය භාර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාද මෙම තොරතුරු සනාථ කරමින් පවසන්නේ රටේ ණය බර ඉහල මට්ටමක ඇති බැවින් අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව අත්හිටවූ බවයි."
http://lankacnews.com/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%B1%E0%B7%91-%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93-%E0%B6%B8%E0%B7%8F/

Wednesday, 1 March 2017
මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව අත්හිටුවයි - Mawbima.lk
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දැමූ බව වැඩ බලන ජේයෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී. පී. විජේරත්න මහතා පෙරේදා (28දා) සඳහන් කළේය.
ඉකුත් 26දා කළුගඟ වාරි ව්‍යාපෘතියේ සේවයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු ගල් කන්දකට යට වීමෙන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
අනතුරින් හානි සිදුවූ පුද්ගලයන් දෙදෙනාගේ පවුල් සඳහා මේ වන විටත් සහන රැසක් ලබාදී ඇති බවද වැඩ බලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මියගිය පුද්ගලයන් දෙදෙනාගේ නිවාස ඉදිකිරීම් මෙන්ම අගතියට පත් බිරින්දෑවරුන් දෙදෙනාට ව්‍යාපෘතියේ සේවය කිරීම සඳහා රැකියා අවස්ථා ලබාදීම සඳහාද මේ වන විට සැලසුම් කර ඇති බව අප කළ විමසීමේදී අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය."
http://www.mawbima.lk/print20170101MB20170331.php?id=9636

Sunday, 19 February 2017
නව අධිවේගී මාර්ග සඳහා රජය විදෙස් ණය නොගනී
අධිවේගී මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් සඳහා විදේශ ණය ලබා නොගැනීමට රජය විසින් තීරණය කර තිබෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මේ සඳහා පුද්ගලික සහ පොදු ආයතනවල සහභාගීත්වය සහ සියලු ඉදිකිරීම් ක්ෂේත්‍ර හරහා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ වැඩපිළිවෙළක් කෙරෙහි රජය විශ්වාසය තබන බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශයකට අනුව මෙම තීරණය ගෙන ඇති බවත්, දැනට ලබාගෙන ඇති විදේශ ණය පියවීම පිළිබඳ අර්බුදය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අදහස් සැලකිල්ලට ගනිමින් කටයුතු කරන බවත් කිරිඇල්ල මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණ.
ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කි.මීටර 58.7 ක් පමණ වූ කොටස ඉදිකිරීමට සහ රුවන්පුර ව්‍යාපෘතියේ කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වාවූ අධිවේගී මාර්ගය ඉදිකිරීමට චීනයේ ‘එක්සිම්“ බැංකුවෙන් ණය ගැනීමට ගෙන තිබූ තීරණය ඉවත දැමීමට සිදුවන බවද කිරිඇල්ල මහතා පැවසීය.
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ වටිනාකම රුපියල් බිලියන 161 කි. අදියර හතරකින් ගොඩනැගීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් බිලියන 274 ක් පමණ වැයවේ.
Sunday, 9 October 2016
මධ්‍යම අධිවේගය ටෙන්ඩරය නීති කඩා අධික මිලකට ජපනුන්ට.. ඇස්තමේන්තුවට වඩා බිලියන 39ක් වැඩියි..
"වෘත්තිමය ඉන්ජිනේරුවරුන් විසින් පිලියෙල කරන ලද මධ්‍යම අධිවේගය තුන්වන කොටස ඉoජිනේරු ඇස්තමේන්තු රුපියල් බිලියන 120 ක් වූ අතර ජපන් සුප්‍රසිද්ධ සමාගමක් වන තායිසේ කෝපරේෂන් වෙත ලබාදි ඇත්තේ බිලියන 159 කටය. එය ඇස්තමේන්තු මිලට වඩා 30% ක වැඩි වීමකි.
එමෙන්ම ජපන් සමාගම විසින් නිසි ටෙන්ඩර පරිපාටිය උල්ලංඝනය කරමින් මෙම ටෙන්ඩර ලබාගෙන ඇති අතර එම ටෙන්ඩරය වෙනුවෙන් තැබිය යුතු ඇප බැදුම්කරය වන ඇ ඩොලර් 100 එනම් රුපියල් මිලියන 14000 ක් මුදල් හෝ තැන්පත් කොට නොමැත.
අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සඳහා යොමු කොට අනුමැතිය ලබාගැනිමේදි සහනදායි පොලි මත මෙම ඇ ඩොලර් බිලියනක ණය මුදල ජපානයෙන් ලබා ගන්නා බැව් පැවසුවත් මෙම ණය මුදල වාණිජ ණය ලබාගන්නා අධික පොලිය මත ලබාගෙන ඇති බැව් වැඩිදුරටත් අනාවරනය වේ."
http://lankacnews.com/%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1/

Friday, 7 October 2016
Subscribe to:
Posts (Atom)