Friday 7 August 2015

පෝට් සිටි නඩුව කල් යයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝර්ට් සිටි) පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ ගැන ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි අභියාචනාධිකරණය අද(07) නීතිපතිට දැනුම්දුන්නේය.
අභියාචනාධිකරණය මෙසේ දැනුම් දුන්නේ  කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු රිට් පෙත්සමක් අද(7) කැඳවු අවස්ථාවේ අභියාචනාධිකරණ සභාපති  විනිසුරු  විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  අර්ජුන ඔබේසේකර මහතා නව පාරිසරික වාර්තාවක් සකස් කොට එය ඉදිරියේදී අධිකරණයට ලබාදීමේ හැකියාවක් පවතින බව කීය.
එසේම එම වාර්තාව සැකසීමේදී මහජන අදහස් විමසා බැලීමට සූදානම් යැයිද ඔහු කීවේය.
සැප්තැම්බර් 09 වැනිදාට නඩුව කල් තැබිණි.



http://www.lankadeepa.lk/index.php/articles/338642

No comments:

Post a Comment