Tuesday 30 August 2016

ලබන ජනවාරියේ සිට මහනුවර රත්නපුර හා යාපනය අධිවේගී මාර්ග වැඩ අරඹන හැටි

2017 වසරේ ජනවාරි මාසයේ නව අධිවේගී මාර්ග 03 ක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඒ අනුව කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය (2 අදියර) , කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය හා කුරුණෑගල - දඹුල්ල" ත‍්‍රිකුණාමලය- යාපනය දක්වා දිවෙන අධිවේගී මාර්ග වල ඉදි කිරීම් අරඹන්නට නියමිතය


කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ( 2 අදියර ) යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.7 ක දුර මාර්ගය ඉදි කෙරෙන බවත් ඊට අඹේපුස්ස දක්වා දිවෙන කි.මි 9.7 ක පිවිසුම් මාර්ගයක්ද ඇතුලත් බවත් පැවසේ.


කි.මි 51.5 ක දුරින් යුතු යෝජිත නව කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවෙන් ආරම්භ වී රත්නපුරය දක්වා ඉදි කරන්නට නියමිතය.


මෙම අධිවේගී මාර්ගය සඳහා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වන්නේ කහතුඩුව , හොරණ , ඉංගිරිය , කිරිඇල්ල , කුරුවිට සහ රත්නපුරය යන 6 යි. එහි ඉදි කිරීම් කොටස් තුනක් යටතේ මාස 41 කින් නිම කිරීමට සැලැසුම් කර ඇත. 

කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියර, නැගෙනහිර පලාත සහ උතුරු පලාත සම්බන්ධ කරමින් ත‍්‍රිකුණාමලය හා යාපනය දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ග කොටස කි.මී.60.15ක දුරකින් යුක්ත වන අතර ඊට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත්වේ. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ 9 මාර්ගය සහ දඹුල්ල ඒ 6 මාර්ගය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිවනු ඇත.




Source: http://www.gossiplankanews.com/2016/08/three-express-ways-to-construct.html#more

Monday 8 August 2016

‘කුලසිංහ වළේ ඇඹරෙනවාලු‘

"රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හැදූ කුලසිංහ ඉංජිනේරුවරයා දැන් වළේ ඇඹරෙනවා ඇතිලු. සංස්ථාව බංකොලොත් වීම ඊට හේතුවයි.
පසුගිය දස වසරේ දී රජයේ ආයතන වලින් ගෙවිය යුතු මුදලුත් ගෙවා නැතිලු. ඒ හෙයින් සේවක පඩි නඩි ගෙවන්නත් බැරිවෙලාලු.
භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 75ක ණයක් හෝ බැංකුවකින් ණය ගැනීමේ භාණ්ඩාගාර සහතිකයක් දුන්නාලු. රජය ඒ ඉල්ලීම අනුමත කර දුන්නාලු.
 "



http://www.lankadeepa.lk/index.php/articles/442549

Port City to be commenced soon.... by Malik Samarawickrama


Engineering Council Act

An Extract from Cabinet Decisions

“Establishment of the “Engineering Council” to regulate the Profession of Engineering by registering Engineering Practitioners

Engineering professionals, who have qualified in Sri Lanka and overseas in various institutions, are experienced in various fields, according to standard and level of the courses they have followed, and are engaged in various engineering tasks.

However, an acknowledgment method is not followed such as in medical and legal fields for registering and issuing licenses for engineering practitioners. Accordingly, the proposal made by the Minister of Power and Renewable energy Ranjith Siyambalapitiya and the Minister of Megapolis and Western Development, Patali Champika Ranawaka, to establish the engineering Council which is responsible for maintaining professional status and regulating engineers and to publish in the gazette the engineering Council, Sri Lanka Bill for enacting provision for registration of engineers and related tasks and to present the same in parliament for approval, was approved by the Cabinet of Ministers.”

----------
You can access the proposed Act from blow link:

http://iesl.lk/resources/News/Eng%20Act/Engineering%20Council%20Act%20-%20Cabinet%20Approved.pdf


----------------------------------------

Source; http://iesl.lk/resources/News/Eng%20Act/Cabinet%20Decision.pdf

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බංකොලොත්.. පඩි ගෙවන්න ණයට සල්ලි ගනී..

දැඩි මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වයන විට බංකොලොත් තත්වයට පත්ව ඇති බව එහි ආරංචි මාර්ග කියයි.
සේවක වැටුප් පවා ගෙවීම අපහසු තත්වයට පත්ව ඇති සංස්ථාවට රුපියල් කෝටි 75ක ණයක් ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් පහසුකම් සලසා ඇත.
වසර ගණනාවක් පුරා සංස්ථාවට රාජ්‍ය ආයතනවලින් ගෙවිය යුතු මුදල් ගෙවා නොතිබීම මෙම මුල්‍ය අර්බුදයට තදින් බලපා ඇතැයිද සඳහන්ය.

http://lankacnews.com/sinhala/news/146032/

උතුරුමැද ලොකු පුටු වලට උත්තර බඳින්න අවසන් දිනයක්

උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුළු  අමාත්‍යංශ ලේකමිවරුන් රජයේ සහ උතුරු මැද පලාත් සභාවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කරමින් උතුරු මැද පලාතේ සියළු රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් දේශපාලන හිතවතුන්ට ලබාදීම අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පලාත් ශාඛාවේ සභාපතිවරයා  අධිකරණයෙන් කර ඇති ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට වගඋත්තකරුවන්ට අගෝස්තු 29  තෙක් අවසන් වශයෙන් කල් ලබා දීමට උතුරු මැද පලාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (8) නියෝග කලේය.
එදිනටද විරෝධතා ගොනු කිරිමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ගෙන් විරෝධතා නොමැති බව සලකා අධිකරණයට  ඉදිරි ක‍්‍රියා මාර්ග ගැනිමට සිදු වන  බව ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

http://www.lankadeepa.lk/index.php/articles/445283