Sunday 9 October 2016

මධ්‍යම අධිවේගය ටෙන්ඩරය නීති කඩා අධික මිලකට ජපනුන්ට.. ඇස්තමේන්තුවට වඩා බිලියන 39ක් වැඩියි..

"වෘත්තිමය ඉන්ජිනේරුවරුන් විසින් පිලියෙල කරන ලද මධ්‍යම අධිවේගය තුන්වන කොටස ඉoජිනේරු ඇස්තමේන්තු රුපියල් බිලියන 120 ක් වූ අතර ජපන් සුප්‍රසිද්ධ සමාගමක් වන තායිසේ කෝපරේෂන් වෙත ලබාදි ඇත්තේ බිලියන 159 කටය. එය ඇස්තමේන්තු මිලට වඩා 30% ක වැඩි වීමකි.

එමෙන්ම ජපන් සමාගම විසින් නිසි ටෙන්ඩර පරිපාටිය උල්ලංඝනය කරමින් මෙම ටෙන්ඩර ලබාගෙන ඇති අතර එම ටෙන්ඩරය වෙනුවෙන් තැබිය යුතු ඇප බැදුම්කරය වන ඇ ඩොලර් 100 එනම් රුපියල් මිලියන 14000 ක් මුදල් හෝ තැන්පත් කොට නොමැත.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සඳහා යොමු කොට අනුමැතිය ලබාගැනිමේදි සහනදායි පොලි මත මෙම ඇ ඩොලර් බිලියනක ණය මුදල ජපානයෙන් ලබා ගන්නා බැව් පැවසුවත් මෙම ණය මුදල වාණිජ ණය ලබාගන්නා අධික පොලිය මත ලබාගෙන ඇති බැව් වැඩිදුරටත් අනාවරනය වේ."





http://lankacnews.com/%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1/

Tuesday 4 October 2016

පෝට්‌ සිටි සඳහා වැලි කැණීමේ නැවක්‌ කොළඹ වරායට එයි

පෝට්‌ සිටි සඳහා වැලි කැණීමේ නැවක්‌
කොළඹ වරායට එයි


පෝට්‌ සිටි ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය වැලි කැණීම් සිදුකිරීමේ ප්‍රථම නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

මෙම නෞකාවට වැලි කැණීම් සඳහා අවශ්‍ය බලපත්‍ර භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කර ඇත.

දෙවන අදියරේ වැලි කැණීම් සිදුකරන ප්‍රදේශය අවට චයිනා මැෂිනර් ඉංජිනේරු සමාගම මගින් බෝයා යෙදීමට නියමිතය. මෙය සිදුකරන්නේ ධීවරයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙනි.
 


http://www.divaina.com/2016/10/04/news12.html

Tuesday 30 August 2016

ලබන ජනවාරියේ සිට මහනුවර රත්නපුර හා යාපනය අධිවේගී මාර්ග වැඩ අරඹන හැටි

2017 වසරේ ජනවාරි මාසයේ නව අධිවේගී මාර්ග 03 ක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඒ අනුව කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය (2 අදියර) , කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය හා කුරුණෑගල - දඹුල්ල" ත‍්‍රිකුණාමලය- යාපනය දක්වා දිවෙන අධිවේගී මාර්ග වල ඉදි කිරීම් අරඹන්නට නියමිතය


කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ( 2 අදියර ) යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.7 ක දුර මාර්ගය ඉදි කෙරෙන බවත් ඊට අඹේපුස්ස දක්වා දිවෙන කි.මි 9.7 ක පිවිසුම් මාර්ගයක්ද ඇතුලත් බවත් පැවසේ.


කි.මි 51.5 ක දුරින් යුතු යෝජිත නව කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවෙන් ආරම්භ වී රත්නපුරය දක්වා ඉදි කරන්නට නියමිතය.


මෙම අධිවේගී මාර්ගය සඳහා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වන්නේ කහතුඩුව , හොරණ , ඉංගිරිය , කිරිඇල්ල , කුරුවිට සහ රත්නපුරය යන 6 යි. එහි ඉදි කිරීම් කොටස් තුනක් යටතේ මාස 41 කින් නිම කිරීමට සැලැසුම් කර ඇත. 

කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියර, නැගෙනහිර පලාත සහ උතුරු පලාත සම්බන්ධ කරමින් ත‍්‍රිකුණාමලය හා යාපනය දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ග කොටස කි.මී.60.15ක දුරකින් යුක්ත වන අතර ඊට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත්වේ. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ 9 මාර්ගය සහ දඹුල්ල ඒ 6 මාර්ගය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිවනු ඇත.




Source: http://www.gossiplankanews.com/2016/08/three-express-ways-to-construct.html#more

Monday 8 August 2016

‘කුලසිංහ වළේ ඇඹරෙනවාලු‘

"රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හැදූ කුලසිංහ ඉංජිනේරුවරයා දැන් වළේ ඇඹරෙනවා ඇතිලු. සංස්ථාව බංකොලොත් වීම ඊට හේතුවයි.
පසුගිය දස වසරේ දී රජයේ ආයතන වලින් ගෙවිය යුතු මුදලුත් ගෙවා නැතිලු. ඒ හෙයින් සේවක පඩි නඩි ගෙවන්නත් බැරිවෙලාලු.
භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 75ක ණයක් හෝ බැංකුවකින් ණය ගැනීමේ භාණ්ඩාගාර සහතිකයක් දුන්නාලු. රජය ඒ ඉල්ලීම අනුමත කර දුන්නාලු.
 "



http://www.lankadeepa.lk/index.php/articles/442549

Port City to be commenced soon.... by Malik Samarawickrama


Engineering Council Act

An Extract from Cabinet Decisions

“Establishment of the “Engineering Council” to regulate the Profession of Engineering by registering Engineering Practitioners

Engineering professionals, who have qualified in Sri Lanka and overseas in various institutions, are experienced in various fields, according to standard and level of the courses they have followed, and are engaged in various engineering tasks.

However, an acknowledgment method is not followed such as in medical and legal fields for registering and issuing licenses for engineering practitioners. Accordingly, the proposal made by the Minister of Power and Renewable energy Ranjith Siyambalapitiya and the Minister of Megapolis and Western Development, Patali Champika Ranawaka, to establish the engineering Council which is responsible for maintaining professional status and regulating engineers and to publish in the gazette the engineering Council, Sri Lanka Bill for enacting provision for registration of engineers and related tasks and to present the same in parliament for approval, was approved by the Cabinet of Ministers.”

----------
You can access the proposed Act from blow link:

http://iesl.lk/resources/News/Eng%20Act/Engineering%20Council%20Act%20-%20Cabinet%20Approved.pdf


----------------------------------------

Source; http://iesl.lk/resources/News/Eng%20Act/Cabinet%20Decision.pdf

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බංකොලොත්.. පඩි ගෙවන්න ණයට සල්ලි ගනී..

දැඩි මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වයන විට බංකොලොත් තත්වයට පත්ව ඇති බව එහි ආරංචි මාර්ග කියයි.
සේවක වැටුප් පවා ගෙවීම අපහසු තත්වයට පත්ව ඇති සංස්ථාවට රුපියල් කෝටි 75ක ණයක් ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් පහසුකම් සලසා ඇත.
වසර ගණනාවක් පුරා සංස්ථාවට රාජ්‍ය ආයතනවලින් ගෙවිය යුතු මුදල් ගෙවා නොතිබීම මෙම මුල්‍ය අර්බුදයට තදින් බලපා ඇතැයිද සඳහන්ය.

http://lankacnews.com/sinhala/news/146032/

උතුරුමැද ලොකු පුටු වලට උත්තර බඳින්න අවසන් දිනයක්

උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුළු  අමාත්‍යංශ ලේකමිවරුන් රජයේ සහ උතුරු මැද පලාත් සභාවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කරමින් උතුරු මැද පලාතේ සියළු රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් දේශපාලන හිතවතුන්ට ලබාදීම අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පලාත් ශාඛාවේ සභාපතිවරයා  අධිකරණයෙන් කර ඇති ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට වගඋත්තකරුවන්ට අගෝස්තු 29  තෙක් අවසන් වශයෙන් කල් ලබා දීමට උතුරු මැද පලාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (8) නියෝග කලේය.
එදිනටද විරෝධතා ගොනු කිරිමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ගෙන් විරෝධතා නොමැති බව සලකා අධිකරණයට  ඉදිරි ක‍්‍රියා මාර්ග ගැනිමට සිදු වන  බව ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

http://www.lankadeepa.lk/index.php/articles/445283

Tuesday 7 June 2016

වැරදිකරු උතුරු මැද පළාත් සභාවේ ලොකු පුටුවකට

අනුරාධපුර ඔයාමඩුවේ  2012 පැවති දැයට කිරුළ රදර්ශනය සමයේ අනුරාධපුර අරිප්පු මාර්ගයේ කිලෝ මීටර් තුනක් කාපට් අතුරා අලූත්වැඩියා  කිරිමට රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් අනුමත කළැයි චෝදනා පහකට වරදකරු වී සිටින වී.බී.කුමාරසිරි ඉංජිනේරුවරයා උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමන්යාධිකාරි ධූරයේ වැඩ බැලිමට පත් කරනු ලැබ සිටියි.
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති  නීතිඥ විජිත කුමාර මහතාගේ අත්සනින් මෙම මෙම පත් කිරිම සිදු කර ඇත්තේ එම අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ සහ විෂය බාර අමාත්යවරයාද වන උතුරු මැද පළාත් රධාන ඇමැති පේෂල ජයරත්න මහතාගේද නිර්දේශය  මතයි.
2012 වසරේ අනුරාධපුර ඔයාමඩුවේදි පැවති දැයට කිරුළ ජාතික රදර්ශනයට සමගාමිව අනුරාධපුර අරිප්පු මාර්ගය කිලෝ මීටර් තුනක් අලූත් වැඩියා කිරිමේදි රජයේ මුදල් රුපියල් අට කෝටි අසු අට ලක්ෂයක්  අදාල කොන්තරාත්කරුට නීති විරෝධීව මුදා හරිමින් උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නව වැඩ බලන සාමාන්යාධිකාරි ඉංජිනේරු වී. බී. කුමාරිසිරි බරපතල විෂමාචාරයක් සිදු කර ඇත බව දන්වමින් ඔහුට උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්යාධිකාරි ඉංජිනේරු එම්. එචි. එස්. ආරිපාල මහතා විසින් එන්සීපී/පීආර්ඞීඒ/ජීඑමිඒ/01/2015 අංක දරන ලිපියෙන්    පහත සදහන් චෝදනා වලට ඔහු වරදකරු කර තිබේ.
01.අනුරාධපුර අරිප්පු මාර්ග සංවර්ධනය සදහා අත්සන් කල ගිවිසුම අනුව තත්ව පාලන වර්තා ලබා ගත යුතු වුවත් එසේ තත්ව පාලන වර්තා ඉදිරිපත් නොකර තිබියදි රුපියල් අට කෝටි අසූ ලක්ෂ හතලිස් හය දහස් හය හයසිය තිස් හතයි ශත දොලහක (88,046,637.12) මුදලක් ගෙවිමට අදාල බිල්පත් නිවැරදි බවට අත්සන් කර ගෙවීම සදහා ඉදිරිපත් කර ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් විෂමාචාරයක් සිදු කිරීම.
02. අනුරාධපුර අරිප්පු මාර්ගය සමිබන්ධයෙන් ඉදිකිරීමි සංවර්ධණ අධිකාරියේ නියමයන්ට අනුව අනුව අදාල ස්ථාන නිශ්චිතව හදුනා ගැනිමට හැකිවන පරිදි මිනුමි ඉදිරිපත් කළ යුතු වුවත් එසේ නොතියබිදී රුපියල් 120,564,952.46 ක් (ලක්ෂ එකසිය විස්සක්) වටිනා ඇස්තෙමින්තු පරික්ෂා කර නිවැරදි බවට අත්සත් කර අනුමැතියට ඉදිරිපත් කිරිමෙන් විෂමාචාරයක් සිදු කිරීම.
 03. අනුරාධපුර අරිප්පු මාර්ග සංවර්ධන ව්යාපෘතිය සිදු කිරිෙමිදි ඉදිකිරීමි පුහුණු සංවර්ධණ ආයතනයේ මාර්ග උපදේශ සංගරහයට අනුව ගෙවීමි සදහා මිනුමි පත සකස් කිරීෙමිදි අලූත් වැඩියා කල නියමිත ස්ථාන දත්ත සහිතව සදහන් කල යුතු වුවත් එස් නොකර සැකසූ රුපියල් අට කෝටි අසු ලක්ෂ හතලිස් හය දහස් හයසිය තිස් හතයි ශත දොළහක (88,046,637.12) මුදලකට අදාල බිල්පත් නිවැරදි බවට අත්සන් කිරිමෙන් විෂමාචාරයක් සිදු කිරීම.
04. අනුරාධපුර අරිප්පු මාර්ගය රතිසංස්කරණයේදි නොකල වැඩ සදහා රුපියල් 25,042,321 (ලක්ෂ දෙසිය පනහක්) මුදලක්  ගෙවිය යුතු මුදලට වඩා වැඩිපුර කොන්තරාත්කරුට ගෙවිමට රධාන ඉංජිනේරුවරයා  ලෙස නිවැරදි බවට අත්සන් කිරිමෙන් අධිකාරියට පාඩු සිදු වන අයුරින් කටයුතු කිරිම.
05. මෙම චෝදනා එකක්, කිහිපයක් හෝ සියල්ලම සිදු කිරිමෙන් උතුරු මැද පලාත් සභාවත් උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයත්  අපකීර්තියට පත් කිරීම.
මෙම චෝදනා පහට ඉංජිනේරු වී.බී.කුමාරිසිරි මහතා වදරකරු කිරිමෙන් පසුව වසර තුනක කාලයකට ඔහුගේ උසස්වීමි අත් හිටුවා ඇත.එමෙන්ම එම කාලය තුල උසස්වීමි සදහා වන කිසිදු සම්මුඛ පරික්ෂණයකට පෙනී සිටිමට ඔහු නුසුදුස්සෙකු බවට පත් කර තිබේ. වසර තුනක  කාලයකට ඔහුගේ වැටුප් වර්ධකද මෙමගින් නවතා ඇත.
මෙම චෝදනා පහට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ  වැඩ බලන සාමාන්යධිකාරි ඉංජිනේරු  වී.බී.කුමාරසිරි වරදකරු බවට නිගනමය කර ඇත්තේ 2012 වසරේ දීය.
ඉංජිනේරු වී.බී.කුමාරසිරි උතුරු මැද පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්යාධිකාරි ධූරයේ වැඩ බැලිම සඳහා පත් කර ඇත්තේ මෙතෙක් එම ධූරයේ වැඩ බලමින් සිටි ඉංජිනේරු කේ.එම්.එල්.ජේ.චන්ද්රසිරි මහතා ඉන් ඉවත් කරමිනි.
මෙම පත් කිරීම සිදු කර ඇති උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ විජිත කුමාර මහතාගෙන් මේ පිළිබඳව දුරකථනයෙන් විමසු විට ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන්  කිසිවක් කිව නොහැකි බවත් අවශ් නම් කාර්යාලයට පැමිණ තමා හමුවන ලෙසත්ය.
පසුව උතුරු මැද පළාත් සභාවේ රධාන ලේකම් කේ..තිලකරත්න මහතාගෙන් විමසු විට උතුරු මැද පළාත් මර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්යාධිකාරි තනතුරේ වැඩ බැලිම සදහා කෙනකු පත් කිරිමට රතිපාදන පවතින බවයි. එහෙත් එසේ පත් කරන පුද්ගලයා ඊට සුදුසු අයකු විය යුතු බවද සඳහන් කළ රධාන ලේකම්වරයා මේ ගැන තමාට පැමිණිල්ලක් ලද හොත් සුදුසු ඉදිරි රියා මාර්ග ගත හැකි  බවද කීවේය


http://www.lankadeepa.lk/index.php/articles/424334