Monday 8 August 2016

උතුරුමැද ලොකු පුටු වලට උත්තර බඳින්න අවසන් දිනයක්

උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුළු  අමාත්‍යංශ ලේකමිවරුන් රජයේ සහ උතුරු මැද පලාත් සභාවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කරමින් උතුරු මැද පලාතේ සියළු රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් දේශපාලන හිතවතුන්ට ලබාදීම අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පලාත් ශාඛාවේ සභාපතිවරයා  අධිකරණයෙන් කර ඇති ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට වගඋත්තකරුවන්ට අගෝස්තු 29  තෙක් අවසන් වශයෙන් කල් ලබා දීමට උතුරු මැද පලාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (8) නියෝග කලේය.
එදිනටද විරෝධතා ගොනු කිරිමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ගෙන් විරෝධතා නොමැති බව සලකා අධිකරණයට  ඉදිරි ක‍්‍රියා මාර්ග ගැනිමට සිදු වන  බව ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

http://www.lankadeepa.lk/index.php/articles/445283

No comments:

Post a Comment