Sunday 9 October 2016

මධ්‍යම අධිවේගය ටෙන්ඩරය නීති කඩා අධික මිලකට ජපනුන්ට.. ඇස්තමේන්තුවට වඩා බිලියන 39ක් වැඩියි..

"වෘත්තිමය ඉන්ජිනේරුවරුන් විසින් පිලියෙල කරන ලද මධ්‍යම අධිවේගය තුන්වන කොටස ඉoජිනේරු ඇස්තමේන්තු රුපියල් බිලියන 120 ක් වූ අතර ජපන් සුප්‍රසිද්ධ සමාගමක් වන තායිසේ කෝපරේෂන් වෙත ලබාදි ඇත්තේ බිලියන 159 කටය. එය ඇස්තමේන්තු මිලට වඩා 30% ක වැඩි වීමකි.

එමෙන්ම ජපන් සමාගම විසින් නිසි ටෙන්ඩර පරිපාටිය උල්ලංඝනය කරමින් මෙම ටෙන්ඩර ලබාගෙන ඇති අතර එම ටෙන්ඩරය වෙනුවෙන් තැබිය යුතු ඇප බැදුම්කරය වන ඇ ඩොලර් 100 එනම් රුපියල් මිලියන 14000 ක් මුදල් හෝ තැන්පත් කොට නොමැත.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සඳහා යොමු කොට අනුමැතිය ලබාගැනිමේදි සහනදායි පොලි මත මෙම ඇ ඩොලර් බිලියනක ණය මුදල ජපානයෙන් ලබා ගන්නා බැව් පැවසුවත් මෙම ණය මුදල වාණිජ ණය ලබාගන්නා අධික පොලිය මත ලබාගෙන ඇති බැව් වැඩිදුරටත් අනාවරනය වේ."





http://lankacnews.com/%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1/

No comments:

Post a Comment