Wednesday 1 March 2017

මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව අත්හිටුවයි - Mawbima.lk

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දැමූ බව වැඩ බලන ජේ‍යෂ්ඨ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී. පී. විජේරත්න මහතා පෙරේදා (28දා) සඳහන් කළේය.

ඉකුත් 26දා කළුගඟ වාරි ව්‍යාපෘතියේ සේවයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු ගල් කන්දකට යට වීමෙන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

අනතුරින් හානි සිදුවූ පුද්ගලයන් දෙදෙනාගේ පවුල් සඳහා මේ වන විටත් සහන රැසක් ලබාදී ඇති බවද වැඩ බලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මියගිය පුද්ගලයන් දෙදෙනාගේ නිවාස ඉදිකිරීම් මෙන්ම අගතියට පත් බිරින්දෑවරුන් දෙදෙනාට ව්‍යාපෘතියේ සේවය කිරීම සඳහා රැකියා අවස්ථා ලබාදීම සඳහාද මේ වන විට සැලසුම් කර ඇති බව අප කළ විමසීමේදී අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය."



http://www.mawbima.lk/print20170101MB20170331.php?id=9636

No comments:

Post a Comment