Friday 3 April 2015

අධිවේගයෙන් බිලියන 30ක් අඩු කලා කිවුවට අඩු කලාම නෙමෙයි.. අඩුකරන්න සාකච්චා ආරම්භ කලා..

පසුගිය රජය විසින් බිලියන 66.8ක වියදමක් දරමින් ආරම්භ කරන ලද කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් සඳහා වන අස්තමේන්තු මුදල අඩු කිරීම සඳහා සාකච්චා චීන සමාගම සමග ආරම්බව තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ඔහු පවසන්නේ අඩු කරන මුදල පිළිබද මෙතෙක් අවසන් එකගතාවක් නැති බවයි.
ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා කියා සිටියේ එම මුදල බිලියන 30කින් අඩු කිරීමට චීන සමාගම එකගවූ බවයි.
කෙසේ වෙතත් චීනය විසින් එම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැර කලේය.

Source:https://lankacnews.com/sinhala/news/130323/

1 comment:

  1. ‍ෙම් අතර කොළඹ පිටත වටරවුම් පාර ඉදිකිරීමේදී වැය වන මුදලින් රුපියල් බිලියන 30ක මුදලක් අඩු කිරීමට චීනය එකඟවී ඇතැයි තමන්ට පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවද, ඔහු පැවසීය.

    අදාළ බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසු පෙරදින අගමැතිවරයා තමාට මෙය පැවසූ බවත්, චීන රජයේ ප්‍රතිචාරය දැනගත් පසු තමන් චීන තානාපති කාර්යාලයට කතා කර අගමැතිවරයා සමග මේ ගැන සාකච්ඡා කරන ලෙස දැන්වූ බවත්, ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Sourse: https://lankacnews.com/sinhala/main-news/130327/

    ReplyDelete