Monday, 19 October 2015

ඇස්බැස්ටස් තහනමට පෙර විකල්පයක් සොයන්න කලබලයක්..

රජය විසින් 2018 වසරේ සිට ඇස්බැස්ටස් තහනම් කිරීමට තීරණය කර ඇති නිසා ඇස්බැස්ටස් වෙනුවට සුදුසු විකල්ප සෙවීමට දැඩි අවධානයක් යොමු කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අදාල නිලධාරීන්ට දන්වා ඇත්තේ දැරිය හැකි මිල ගණන්වලින් යුතු ගුණාත්මක විකල්ප ඇති කිරීම, වැඩිදියුණු කිරීම සහ ඒවා භාවිතයට ජනතාව යොමු කිරීම ආදිය ගැන පියවර ගන්නා ලෙසයි.
මීට අමතරව රථවාහන සදහා බ්‍රේක් තහඩු, ක්ලච් තහඩු, ගෑස්කට් ආදියද ඇස්බැස්ටස්වලින් නිමවූ කඹ වැනි සියලූ ඇස්බැස්ටස් නිෂ්පාදන තහනම් කිරීමටද පියවර ගැනීමට නියමිතය.

http://lankacnews.com/sinhala/news/136808/

Saturday, 17 October 2015

පිටත වරවුම් අධිවේගයේ වියදම අඩු කරන්න මං තීරු හයෙන් දෙකක් අඩු කරයි.

කිලෝ මීටර් 9.32ක දිගකින් යුතු කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ බිලියන 66ක් වූ අඅස්තමේන්තු පිරිවැය අඩු කර ගැනීම සඳහා මං තීරු හයක් වූ එහි මුල් සැලැස්ම මං තීරු හතරක් දක්වා අඩු කිරීමටත්, කොළඹ, මීගමුව මාර්ගයට සම්බන්ධ වන අන්තර් හුවමාරු ස්‌ථානය ඉවත් කිරීමටත් තීරණය කර තිබේ.
මින් රජය අඩු කර ගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 10කි.


http://lankacnews.com/sinhala/news/136765/#sthash.yR9q3kXt.dpuf

Friday, 16 October 2015

පිටත වටරවුම් අධිවේගයේ වියදම අඩුකිරීම චීනය පිළි නොගනී.. 

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව රජය සඳහන්යි.
මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි දිග අඩුකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි උස අඩුකිරීම යන යෝජනා මෙහිදී රජය ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත්, මෙම රජයේ යෝජනාවන්ට කොන්ත්‍රාත් සමාගම වන Metallurgical Corporation of China (MCC) සමාගම කැමැත්ත පළකර නොමැති නිසා මෙහි ඉදිකිරීම් ප්‍රමාදවී ඇතැයි රජය සඳහන් කරයි.
මේ අනුව, මෙම ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ක්‍රමවේදයේ කිසිදු අඩුකිරීමකින් තොරව වැඩ විෂය පථයේ සිදුකළ හැකි වෙනස්කම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිකිරීම් අධීක්ෂණ උපදේශකවරයා වෙතින් ලබාගෙන ඇතැයි රජය පවසයි.
මෙම කොටස ඉදිකිරීමේදී මෙම අධිවේගී මාර්ග කොටසේ කෙරවලපිටියේ අන්තර් හුවමාරු ස්ථානයක් ඉදිකෙරන බැවින් ඊට ආසන්න දුරකින් පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ඉදිකිරීමට යෝජිත අන්තර් හුවමාරු ස්ථානය ඉවත් කිරීම සහ මෙම කොටසද මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම මෙම වෙනස්කම් වේ.
මෙම වෙනස්කම් වලින් පසුව මෙම කොටසේ කොන්ත්‍රාත් වටිනාකම වන රුපියල් බිලියන 66.69 ක මුදලින් සියයට 14.84 ක් හෙවත් රුපියල් බිලියන 9.9 ක මුදලක් ඉතිරිකර ව්‍යාපෘතිය සිදුකිරීමට රජය විසින් අවසර ලබාදී ඇත.




 http://lankacnews.com/sinhala/news/136729/#sthash.UvMDqpGZ.dpuf