Sunday 2 April 2017

රාජ්‍ය ආයතන සඳහා හරිත ගොඩනැඟිලි පමණයි

රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි මිලදී ගැනීමේ දී හෝ කුලියට ගැනීමේ දී හරිත ගොඩනැගිලි පමණක් ලබා ගැනීමට රජය ඉදිරියේ දි කටයුතු කරනු ඇතැයි මොරටුව  විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ක්‍රිෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා ගොඩනැගිලිවලට හරිත අගයක් ලබා දෙන බවත් 0 සිට 5 වූ එම අගයන්ගෙන් 5 සිට 2.5 දක්වා වූ අගයක් ලබා ඇති ගොඩනැගිලි පමණක් රාජ්‍ය ආයතන සඳහා ලබා ගනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගොඩනැගිලි ඉදිකිරීමේ දී යොදාගන්නා ස්වභාවික සම්පත් භාවිතය හේතුවෙන් විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බවත් මේ  නිසා තිරසාර සංවර්ධනයට බාධා ඇති වි ඇති බවත් කී මහාචාර්යවරයා රජය මේ තීන්දුව ගන්නේ මෙම හේතුවනිසා යැයි ද පැවැසීය.  ඒ අනුව පරිසරයට අවම හානි සිදුවන ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගෙන ඉදි කර ඇති ගොඩනැගිලි පමණක් ලබා ගැනීමේ නීති ඉදිරියේ දී සකස්වනු ඇතැයි ද රණසිංහ මහතා කීය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි හෙට දක්වා පැවැත්වෙන තිරසර ලංකා ප්‍රදර්ශනය පිළිබඳව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

http://www.lankadeepa.lk

No comments:

Post a Comment